.webp)
COLOMBO (News1st)-
මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් පැය 24 ක් ඇතුළත පැමිණිලි 102 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.එම කොමිසම පැවසුවේ , ජාතික මැතිවරණ පැමිණීලි කළමණාකරණ මධ්‍යස්ථානයට 15 ක් හා දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 87 ක් ලැබී ඇති බවයි.
පසුගිය මස 20 වැනිදා සිට මේ මස 05 වැනිදා දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 712 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
ඒ අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 4 කි.