ජනපති සහ IMF නියෝජිතයින් අතර හමුවක්...

ජනපති සහ IMF නියෝජිතයින් අතර හමුවක්...

by Staff writer 07-04-2025 | 6:21 PM

COLOMBO (News 1st) - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් සිදුව තිබේ.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹ ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ  සිව් වන සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡාවක් එහිදී පැවැති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනේදී ශ්‍රී ලංකාව දැනට ලබා ඇති ප්‍රගතිය සහ ඉදිරි මූල්‍ය අරමුණු ළඟා කර ගැනීම පිළිබඳව ද, එහිදී සාකච්ඡා වී ඇත.

එමෙන්ම අමෙරිකාවේ නව තීරුබදු පැනවීම හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වයේම අවධානය යොමුව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ආසියා සහ පැසිපික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සංජය පාන්ත්, ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානීන් වන පීටර් බෲවර් , එවන් පපාජොර්ජියෝ යන මහත්වරු ඇතුළු නියෝජිත කණ්ඩායම එක්ව සිටියහ.

විශේෂාංග