.webp)
COLOMBO (News1st) -
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.පොලිසිය පැවසුවේ, පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බව දක්වමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.
සැකකාර මන්ත්‍රීවරයා ඌව පළාත් මහ ඇමති ලෙස කටයුතු කල කාලසීමාවේ පළාත් සභා ලිපි ශීර්ෂය යොදාගනිමින් පෙර පාසල් සඳහා රුපියල් මිලියනයක මුදල් එක්රැස් කර, එය තමාගේ නමින් චෙක්පතකින් ලබාගත් බව කියන චෝදනාවට අදාළව අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන බව පොලිසිය ප්‍රකාශ කළේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ, මූල්‍ය චෝදනා කිහිපයකට අදාළවයි.
සැකකාර මන්ත්‍රීවරයා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.