ඡන්ද පෝස්ටර් ඉවත් කිරීමට 2000ක්

මැතිවරණ පෝස්ටර් ඉවත් කිරීමට කම්කරුවන් 2,000ක් - පොලීසිය

by Staff writer 06-04-2025 | 2:29 PM

COLOMBO (News1st) - ඡන්ද පෝස්ටර්  ඉවත් කිරීම සඳහා කම්කරුවන් 2000ක් පමණ බඳවාගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, ප්‍රධාන මූලස්ථාන පොලිස් ස්ථානයකට කම්කරුවන් 04 දෙනෙකු යොදවන බවයි.

සෙසු පොලිස් ස්ථාන සඳහා කම්කරුවන් තුන්දෙනෙකු යොදවා තිබේ .

ග්‍රාමීය පොලිස් ස්ථාන සඳහා යොදවා ඇති කම්කරුවන් සංඛ්‍යාව දෙකකි.

මැයි 08 වැනිදා දක්වා තාවකාලික පදනම යටතේ ඔවුන් බඳවාගෙන තිබේ.

මෙරට පිහිටි පොලිස් ස්ථාන 607 න්, 605 ක් සඳහා එම කම්කරුවන් යොදවා ඇතැයි ද, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය