නව APP එකට මැතිවරණ පැමිණිලි 597ක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පැමිණිලි දැනුම් දීමට හදුන්වා දුන් නව APP එකට පැමිණිලි 597ක් - මැතිවරණ කොමිසම

by Staff writer 06-04-2025 | 8:45 AM

COLOMBO (News1st) - පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පැමිණිලි දැනුම් දීමට හදුන්වා දුන් නව APP එකට පැමිණිලි 597 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

ඒ, එය හඳුන්වා දී සති දෙකක් ඇතුළතයි.

ඉන් පැමිණිලි රැසක් වාර්තා වී ඇත්තේ, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙනි.

EDR Mobile APP  නමින් හඳුන්වන එම යෙදවුම හඳුන්වා දුන්නේ, පසුගිය 22 වැනිදායි.

ඕනෑම පුද්ගලයෙකුට ඒ හරහා මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.