පළාත් කිහිපයකට අද තද වැසි...

පළාත් කිහිපයකට අද තද වැසි...

by Staff writer 06-04-2025 | 8:53 AM

COLOMBO (News1st) - සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද, දකුණ සහ නැගෙනහිර පළාත් වලට මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලටත්, පස්වරුවේ තැනින් තැන වැසි ඇති විය හැකියි.

අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේය.

මේ අතර, කළුතර, කෙලින්කන්ද, කහවත්ත, පොකුණුතැන්න සහ මහවෙලතොට ප්‍රදේශවලට අද හිරු මුදුන් වන බව ද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.