.webp)
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ලක් රජයේ යෝජනාවලිය එහිදී ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
කමිටුව දෛනිකව රැස්වී ඊට අදාළ යෝජනාවලිය සකස් කරන බව, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
එම කමිටුවේ සාමාජිකයින්, ඊයේ(05) පස්වරුවේ ජනාධිපතිවරයා සමග ද සාකච්ඡා කළේ ය.
මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, නව තීරු බදු හේතුවෙන් අපනයනකරුවන්ට සහ විදේශ ඉපැයීම් වලට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ශ්‍රී ලංකාවෙන් ගෙන්වන භාණ්ඩ සඳහා පැනවූ තීරු බද්ද, 44% කි.