චාමර සම්පත් යළි රිමාන්ඩ්..

චාමර සම්පත් යළි රිමාන්ඩ්..

by Staff writer 01-04-2025 | 4:30 PM

COLOMBO (News 1st) –පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන 8 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, අද පෙරවරුවේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී සිදු කළ බව කියන මූල්‍ය දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අත්අඩංගුට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය පසුගිය 27 වැනිදා නියෝග කළා ය.

එහිදී ඔහුට එරෙහිව මූල්‍ය දූෂණ චෝදනා තුනක් යටතේ නඩු තුනක් සලකා බැලුණු අතර, ඉන් නඩු 2කට ඇප ලබා දෙමින් එක් නඩුවකට පමණක් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය එදින නියෝග කළා ය.