.webp)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායල හමුදාව විසින් රෆා නගරයේ පදිංචිකරුවන්ට සහ අසල්වැසි ඛාන් යූනිස්හි සමහර කොටස්වල සිවිල් වැසියන්ට වහාම අල්-මවාසි මානුෂීය කලාපයට පිටත්ව යන ලෙස උපදෙස් දී ඇති බවයි.
සටන් විරාමය අවසන් වීමෙන් පසු ගාසා තීරයට සිදුකළ විශාලතම ඉවත් කිරීමේ නියෝගය මෙය වේ.
ඒ ඊශ්‍රායල හමුදා එම ප්‍රදේශවල හමාස් සංවිධානයට එරෙහිව දැඩි මෙහෙයුම් ක්‍රියාක්මක කිරීමට සූදානම් වන බවට අනතුරු අඟවමිනි.
ඒ අනුව ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පසුගියදා පැවති මාස දෙකක සටන් විරාමයේදී රෆාහි සිය නිවෙස් වෙත පැමිණි පලස්තීනුවන් යළිත් ඉන් පලායාමට පටන් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.