හිටපු ඇමති ටිරාන් CIDයට කැඳවයි

හිටපු ඇමති ටිරාන් CIDයට කැඳවයි

by Staff writer 31-03-2025 | 11:53 AM

COLOMBO (News 1st) –හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය.

ඒ, එම දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමක් අනුවයි.

2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදී සිදුවූ වෙඩි තැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි, පොලිසිය ප්‍රකාශ කළේ ය.