පැය 04 කට වරක් රිය අනතුරකින් ජීවිතයක් අහිමි වෙනවා

සෑම පැය 04 කට වරක් රිය අනතුරකින් මෙරට මිනිස් ජීවිතයක් අහිමි වන බවට අනාවරණය වෙයි..

by Staff writer 31-03-2025 | 7:07 AM

COLOMBO (News 1st) –සෑම පැය 04කට වරක් රිය අනතුරකින් මෙරට වටිනා මිනිස් ජීවිතයක් අහිමි වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වනවිට එය පාලනය කළ නොහැකි අභියෝගයක් වී ඇති බවයි.

මාර්ග අනතුරු වළක්වා ගැනීම සදහා ක්‍රමවත් සහ ස්ථීරසාර අඛණ්ඩ වැඩපිළිවෙළක් නොතිබීම හේතුවෙන් වටිනා ජීවිත අකාලයේ අහිමිවීම අතිශය ශෝචනීය තත්ත්වයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, රිය අනතුරු සහ මාර්ග අනතුරු වළක්වා ගැනීම සම්බන්ධව විද්‍යාත්මක සොයා බැලීමක්,පර්යේෂණ වැඩසටහන් හෝ අධ්‍යයනයක් මෙරට තුළ සිදුනොවීම කනගාටුවට කරුණක් බවයි.