.webp)
අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකිවීම හේතුවෙන් ඇය රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ඒ, පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවන්දුරුගොඩ මහත්මිය විසින්.
අභියාචනාධිකරණය එම නියෝගය කළේ,ෙ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසූරිය මහතා විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
පෙත්සම අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබීය.
නීතීඥ ප්‍රියංකා උදයංගනී සමරතුංග මහත්මියට පුත්තලම මහාධිකරණයේ අධි චෝදනා පත්‍රයකින් චෝදනා දෙකක් ගොනුකර තිබිණි.
එක් චෝදනාවක සඳහන් වූයේ 2025 මාර්තු 7 වනදා මහාධිකරණය තුළ සලකා බැලුනු නඩුවකට අදාළව කරුණු සැලකිරීමේදී ඇය මහාධිකරණ විනිශ්චයකාරවරියට සුදුසු පරිදි ගෞරවාන්විතව ඇමතීම චේතනාන්විතව නොකර හැර ඇති බවයි.
2025 මාර්තු 28 වැනිදා නිතීඥවරිය මහාධිකරණයේ විවෘත අධිකරණ ශාලාවට ඇතුළුවීමේදී අධිකරණයට හිස නමා ආචාර කර ගෞරව කිරීම චේතනාන්විතව නොකර හැර ඇති බවට ද චෝදනා එල්ල විය.
එම චෝදනා ගොනුකර තිබුනේ අධිකරණයකට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත හා අධිකරණ සංවිධාන පනතේ වගන්ති අනුවයි.
පසුගිය සිකුරාදා අදාළ අධි චෝදනා පත්‍රය භාරදීමෙන් පසුව නීතිඥවරිය අත්අඩංගුවට ගත්තාය.
පසුව ඇය වෙනුවෙන් නීතිඥ නදීහා අබ්බාස් මහත්මිය මහාධිකරණය හමුවේ ඇප අයදුමක් ඉදිරිපත් කළා.
එය සලකා බැලීමෙන් පසුව මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවන්දුරුගොඩ මහත්මිය නීතිඥවරියට රුපියල් ලක්ෂ 25 ක ශරීර ඇප දෙකක් නියම කළ අතර ඇපකරුවන් පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් විය යුතු බවට ද නියම කළේ ය.
නමුත් මෙම ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම මත නිතීඥවරිය රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
නීතිඥ ප්‍රියංකා උදයංගනී සමරතුංග මහත්මියට අදාළව උද්ගතවූ මේ තත්ත්වයට ශ්‍රී ලංකා නීතිඥ සංගමය මැදිහත්වූ අතර එහි සභාපති නීතීඥ රජීව් අමරසූරිය මහතා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනුකිරීමට පියවර ගත්තේ ය.
පෙත්සම ගොනුකර තිබුනේ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනා විභාග කිරීමේ විධිමත් ක්‍රියා පටිපාටියක් ඇතත් නීතිඥවරියට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමේදී මහාධිකරණ විනිසුරුවරිය එම ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බව පෙන්වා දෙමිනි.
පෙත්සම ගොනුකල නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා වෙනුවෙන් නීතිඥ ජී.ජී අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥවරුන් වන ෆයිස් මුස්තාෆා, සාලිය පීරිස් සහ ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් සමග එස්.දයාරත්න, අශාන්ත එස් ප්‍රනාන්දු, තිෂ්‍ය වේරගොඩ, නිරන්ජන් අරුල්ප්‍රගාසම්, කීර්ති තිලකරත්න, නිශාදි වික්‍රමසිංහ, ජනන අභයවික්‍රම සහ ලක්මිණි මුදන්නායක යන විනිසුරු මඩුල්ල අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ සහ රජයේ නීතිඥ නවෝදි ද සොයිසා යන මහත්ම මහත්මීන් අධිකරණයේ පෙනී සිටි අතර ඔවුන් දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් අධිකරණය ලබාදෙන නිසි තීරණකට නීතිපතිවරයාගේ විරුද්ධත්වයක් නොමැති බවයි.
පෙත්සම සලකා බලමින් විනිසුරු මඩුල්ල පුත්තලම මහාධිකරණ විනිසුරුවරිය නියම කළ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත වූ නීතිඥ ප්‍රියංකා උදයංගනී සමරතුංග මහත්මිය වහාම මුදාහැරීමට නියම කල අතර ඇයට අප්‍රේල් 28 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කළේ ය.
මේ අතර, අභියාචනාධිකරණය නියෝගය අනුව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි නීතීඥ ප්‍රියංක උදයංගනී සමරතුංග මහත්මිය අද පස්වරුවේ වාරියපොල බන්ධනාගාරයෙන් මුදා හැරියා ය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිතීඥරුවන් පිරිසක්ද අද පස්වරුවේ වාරියපොලට පැමිණ සිටියහ.