හිටපු ඇමති ටිරාන් අලස් CIDයෙන් පිටව යයි...

ප්‍රකාශයක් ලබාදුන් හිටපු ඇමති ටිරාන් අලස් CIDයෙන් පිටව යයි...

by Staff writer 31-03-2025 | 4:58 PM

COLOMBO (News 1st) - ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉන් පිටව ගොස් තිබේ.

ඒ පැය පහමාරකට අධික කාලයක් ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමක් අනුව හිටපු අමාත්‍යවරයා අද (31) පෙරවරු 10.45ට පමණ එම දෙපාර්තමේන්තුවට පැමිණියේ ය.

2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදී සිදුවූ වෙඩි තැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍යවරයා එහි කැඳවූ බව පොලිසිය ප්‍රකාශ කළේ ය.