.webp)
COLOMBO ( News 1st ) - මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් මරණ 10 ක් වාර්තා වන්නේ තායිලන්තයෙන්.
සුන්බුන් අතර සිරවූ පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
ඒ සඳහා චීන ගලවා ගැනීමේ කණ්ඩායමක් ද එක්ව තිබේ.
මේ අතර මියන්මාරයේ මැන්ඩලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලික රෝහලක් බවට පත්කරිමට බලදාරින් පියවර ගෙන තිබේ.
ඒ භූකම්පනය හේතුවෙන් ගුවන් ධාවනපථයට වු හානියත් සමගයි.
ආපදාවට පත්වූවන් සදහා සහන සැපයීමට ඉන්දියාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් මියන්මාරයට මානුෂීය ආධාර ලබාදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව ඉන්දියාවෙන් ටොන් 60ක සහනදාර සහිත ගුවන් යානා දෙකක් මියන්මාරයට යවා ඇති අතර බ්‍රිතාන්‍ය විසින් පවුම් මිලියන 10ක ආධාර ලබා දී ඇතැයි සඳහන්.
මේ අතර මියන්මාරයේ කුමන්ත්‍රණ විරෝධි සටන්කාමින් සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූමිකම්පාවකින් පසු ගලවා ගැනීමේ සහ සහන කටයුතු සඳහා ඉඩ සැලසීම අරමුණන් ඔවුන් එම සටන් විරාමය ක්‍රියාත්මක කර ඇති බවයි.
පසුගිය 28 වනදා මියන්මාරයේ සගායින්ග් නගරය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 7.7ක ප්‍රභලත්වයකින් යුතු ප්‍රභල භූ කම්පනයක් හටගත්තේය.