ටොන්ගා රාජ්‍ය ආසන්නයේ භූකම්පනයක්..

ටොන්ගා රාජ්‍ය ආසන්නයේ දකුණු පැසිෆික් සාගරයේ භූකම්පනයක්..

by Staff writer 30-03-2025 | 6:44 PM

COLOMBO (News 1st) –ටොන්ගා රාජ්‍ය ආසන්න දකුණු පැසිෆික් සාගරයේ භූකම්පනයක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය මැග්නිටියුඩ් 7.1 ක ප්‍රභලත්වයකින් යුතු බවයි.

භූ කම්පනය කිලෝමීටර 10 ක් පමණ මුහුදු අභ්‍යන්තරයේ සිදුව තිබේ.

ටොන්ගා රාජ්‍යයේ පන්ගයි ප්‍රදේශයේ සිට කිලෝමීටර 90 ක් පමණ ගිනිකොන දෙසින් භූ කම්පනය සිදුවිය.