සම්මාන රැසකින් පිදුම් ලැබූ රයිගම් සම්මාන උළෙල...

News 1st, Sirasa TV සහ TV 1 සම්මාන රැසකින් පිදුම් ලැබූ 2024 රයිගම් ටෙලීස් සම්මාන උළෙල...

by Staff writer 29-03-2025 | 10:52 PM

COLOMBO (News 1st) –2024 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී නිවුස් ෆස්ට්,,සිරස ටීවී සහ ටීවී වන් සම්මාන රැසකින් පිදුම් ලැබුවේ ය .

2024 වර්ෂය සඳහා වන රයිගම් ටෙලීස් සම්මාන උළෙළ අද පස්වරුවේ ආරම්භ වුණේ, කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ය.

එහිදී සිරස ටීවී ඔස්සේ විකාශය වූ ද ලිවිං ලෙජන්ඩ්ස් වැඩසටහන වෙනුවෙන් ඉමේෂ් සදර්ලන් ජූරියේ විශේෂ ඇගයීම් සම්මානයෙන් පිදුම් ලැබුවේ ය .

වසරේ හොඳම දෙමළ ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය දිනාගත්තේ, ශක්ති ටීවී ප්‍රවෘත්ති නිවේදිකා ක්‍රිස්ටිනා රත්නම්.

හොඳම ඉංග්‍රීසි ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස, ටීවී වන් නාලිකාවේ තෙරුණි කරුණාරත්න සම්මානයට පාත්‍ර විය.

ටීවී වන් නාලිකාවේ නවේක්ෂා ගුණසේකර, හොඳම ඉංග්‍රීසි සම්ප්‍රවේෂකට හිමි සම්මානය දිනා ගත්තේ ය.

2024 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී වසරේ නිර්මාණාත්මක රූපවාහිනි වරලත් වැඩසටහනට හිමි සම්මානය, සිරස ටීවී නාලිකාවේ විකාශය වූ ධනේෂ් උපුල් සහ සුසන්ත සෙනවිරත්න නිෂ්පාදනය කළ ශ්‍රී ලංකා ගොට් ටැලන්ට් වැඩසටහනට හිමිවිය.

වසරේ නිර්මාණාත්මක රූපවාහිනී රියැලිටි වැඩසටහනට හිමි සම්මානය, සිරස ටීවි නාලිකාවේ විකාශය වූ සුපර් හීරෝස් වැඩසටහන දිනා ගත්තේ ය.

සිරස ලක්ෂපති වැඩසටහන මෙහිදී සම්මානයට පාත්‍ර වුණේ වසරේ වඩාත් ජනගත මාධ්‍ය වැඩසටහන ලෙසයි.