මියන්මාර භූ කම්පනයෙන් 150කට වැඩි පිරිසක් මරුට..

මියන්මාර භූ කම්පනයෙන් 150කට වැඩි පිරිසක් මරුට..

by Staff writer 29-03-2025 | 8:00 AM

COLOMBO (News 1st) - මියන්මාර භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 10,000 ඉක්මවනු ඇති බවට අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ඒජන්සිය පුරෝකතනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, භූ කම්පනය හේතුවෙන් මේ වනවිට 150කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.

ඒ අතර මියන්මාරයේ 144 දෙනෙකු හා තායිලන්තයේ බැංකොක්හි පුද්ගලයින් 10 දෙනෙකු සිටී.

මියන්මාරයේ තුවාල ලබා ඇති සංඛ්‍යාව 730 කට අධිකයි.

තායිලන්තයේ ඉදිකිරීම් ස්ථාන 3ක සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර අතුරුදන් වූ සංඛ්‍යාව 101 කි.

මියන්මාරය ආශ්‍රිතව ඊයේ ප්‍රබල භූ කම්පනයක් හට ගත්තේ ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය මැග්නිටියුඩ් ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුතු බවයි.

මිනිත්තු 12 කට පසු, මැග්නිටියුඩ් ඒකක 6.4ක පසු කම්පනයක් ද හටගෙන තිබේ.

වසර 100කට වැඩි කාලයකට පසු මියන්මාරයට බලපෑ ප්‍රබලම භූ කම්පනය මෙය බවත් විදෙස් වාර්තාවල සඳහන් විය.