දේශබන්දුට සැඟව සිටීමට ආධාර කළ දෙදෙනෙකු අත්අඩංගුවට

දේශබන්දු තෙන්නකෝන්ට සැඟව සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු CID අත්අඩංගුවට

by Staff writer 29-03-2025 | 9:41 AM

COLOMBO (News 1st) - පොලීස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සැඟව සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ විශේෂ ආරක්ෂණ කොට්ඨාශයේ කොස්තාපල්වරයෙකු සහ සිවිල් පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අධිකරණයට භාර වන්නැයි වරෙන්තු නිකුත් කර තිබියදී සැකකරුවන් විසින් දේශබන්දු තෙන්නකෝන් මහතාට සැඟව සිටීමට ආධාර අනුබල ලබාදී ඇතැයි ද පොලිසිය සඳහන් කළේ ය.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පසුගියදා ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර ඔහු මේ වනවිට රඳවා සිටින්නේ දුම්බර බන්ධනාගාරයේයි.