ඩෙංගු මර්දන වැඩසටහන් ඇරඹෙයි..

2025 වසරේ ඩෙංගු මර්දන වැඩසටහන් ඇරඹෙයි..

by Staff writer 28-03-2025 | 5:10 PM

COLOMBO (News 1st) –2025 වසරේ ඩෙංගු මර්දන වැඩසටහන් මේ වන විට ආරම්භ වී තිබේ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ කොළඹ මහ නගර සභා සීමාව ඇතුළුව ගම්පහ, කළුතර, මාතර, මාතලේ, මඩකලපුව, රත්නපුර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ය.

අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 37 ක් මෙහිදී ආවරණය කෙරෙයි.

සමාරම්භක උත්සවය ඊයේ පැවැත්වුණේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුප් මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් 
ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

දින තුනක කාලයක් මෙම වැඩසටහන් පැවැත්වෙයි.

ක්ෂේත්‍ර පරීක්ෂක කණ්ඩායම්වලට ලඟා විය නොහැකි ස්ථාන ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් නිරීක්ෂණය කරන අතර, ඊට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේද සහය හිමිව තිබේ.