ඊජිප්තු රතු මුහුදේ බිහිසුණු සබ්මැරීන අනතුර..

මුළු ලොවක් සසළ කරවමින් හය දෙනෙකුට දිවි අහිමි කළ රතු මුහුදේ අනතුරට ලක්වූ සබ්මැරීනය...

by Haindu Gihan 28-03-2025 | 7:30 AM

COLOMBO ( News 1st ) - ඊජිප්තු රතු මුහුදේ සංචාරකයින් රැගත් සබ්මැරීනයක් අනතුරට ලක් වීමෙන් හය දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි සිටි පුද්ගලයින් 44දෙනෙකු බේරා ගෙන ඇති බවයි.

මියගිය සියලු දෙනා රුසියානු ජාතිකය්න් වේ.

අනතුර සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩලය හා සංචාරකයින් 50 දෙනෙකු සබ්මැරීනය තුළ සිට ඇත.

එහි සිටි පිරිස අතර  රුසියාව, ඉන්දියාව, නෝර්වේ සහ ස්වීඩනය යන රටවලින් පැමිණි පුද්ගලයින් ද වේ.

ඊජිප්තුවේ හර්ගාඩා වෙරළට කිලෝමීටරයක් ​​පමණ ඔබ්බෙන් වූ මුහුදේදී අනතුර සිදුව තිබේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.