මියන්මාර භූ කම්පනයෙන් ලාංකිකයින්ට හානියක් නෑ

මියන්මාර භූ කම්පනයෙන් ලාංකිකයින්ට හානියක් නෑ - තානාපති කාර්යාල තහවුරු කරයි

by Staff writer 28-03-2025 | 4:07 PM

COLOMBO (News 1st) –මියන්මාරයේ හටගත් භූ කම්පනයෙන් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට බලපෑමක් එල්ල වී නොමැති බව මියන්මාරයේ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පවසයි.

නිවුස්ෆස්ට් කළ විමසීමකදී මියන්මාර තානාපති කාර්යාලය සඳහන් කළේ, ලාංකිකයින් 200 දෙනෙකු පමණ එරට තුළ සිටින බවයි.

තායිලන්තයේ ලාංකිකයින් සිය දෙනෙකු පමණ සිටින බව, තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ ය.

භූ කම්පනයෙන් බැංකොක් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ ඉරි තැලීම් සිදුව තිබේ.

එහෙත්, ඉන් කාර්ය මණ්ඩලයට කිසිඳු බලපෑමක් නැතැයි තානාපති කාර්යාලය සඳහන් කළේ ය.