බහරේන් යන ශ්‍රමිකයින්ට අනිවාර්ය වුණු මොලේ උණ එන්නත

බහරේන් රාජ්‍යට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට අනිවාර්ය වුණු මොලේ උණ එන්නත..

by Staff writer 27-03-2025 | 8:27 AM

COLOMBO (News 1st) - බහරේන් රාජ්‍යට පැමිණෙන ශ්‍රී ලංකීක ශ්‍රමිකයින්, මොලේ උණ සඳහා ලබා දෙන මෙනින්ගොකොකල් එන්නත ලබා ගෙන තිබීම අනිවාර්යය කර තිබේ.

ඒ , බහරේනයේ‍ මොලේ උණ තත්ත්වය ව්‍යාප්ත වීමේ අවධානම සැලකිල්ලට ගනිමිනි.

විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ, ශ්‍රී ලංකාවට අමතරව බහරේන් රාජ්‍යයට පැමිණෙන සෙසු රටවල විදේශිකයින්ට එම එන්නත අනිවාර්යය කර ඇති බවයි.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එන්නත් කිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය  නිවේදනය කළේ ය.

මේ අතර පසුගිය වසරේ පමණක් බහරෙන් රාජ්‍යයේ  රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 4000 කට වැඩිපිරිසක් පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.