.webp)
ඒ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාල සීමාවේ සිදුකර ඇති දූෂිත ගනුදෙනු 3ක් සම්බන්ධයෙනි.
රාජ්‍ය බැංකු දෙකකින්, රුපියල් මිලියන දෙකහමාරක මුදලක් ඌව පළාත් සභාවට ලබා ගෙන එම මුදල් චාමර සම්පත් දසනායක මහතාගේ පදනමේ ගිණුමට බැර කරවා ගැනීම ඔහුට එල්ලවන එක් චෝදනාවකි.
අනෙක් චෝදනාව තවත් රාජ්‍ය බැංකුවතකින් පළාත් සභාවට ලබා ගත් රුපියල් මිලියනයක මුදලක් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස බැංකු ශාඛාවකින් කෙලින්ම ඔහු අතට ලබා ගැනීමයි.
තවත් රාජ්‍ය බැංකුවකින් මුදල් ඉල්ලා, කළමණාකාරවරයා එය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පළාත් සභාව පවත්වාගෙන ගිය සියළුම ස්ථාවර තැම්පතු එම බැංකුවෙන් ඉවත් කර ගැනීම නිසා රුපියල් මිලියන 23ක පාඩුවක් රජයට සිදු කිරීම ඔහුට එල්ල වී ඇති තවත් චෝදනාවක්.
මෙම චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අද (27) පෙරවරු 9.30ට පමණ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා අල්ලස් කොමිසමට කැඳවා තිබූ අතර, එහිදී ඔහු අත්අඩංගුවට පත්විය.