හිටපු රාජ්‍ය අමාත්‍ය ව්‍යාලේන්ද්‍රන් රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය එස්. ව්‍යාලේන්ද්‍රන් රිමාන්ඩ්

by Staff writer 25-03-2025 | 7:15 PM

COLOMBO (News 1st) - හිටපු රාජ්‍ය අමාත්‍ය එස්.ව්‍යාලේන්ද්‍රන් මහතා ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළේ ය.

ඒ සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අල්ලස් කොමිසම මගින් කළ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු අද අත්අඩංගුවට ගනු ලැබීය.