.webp)
අමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකු වන ඔබේසේකර මහතාගේ වයස අවුරුදු 96කි.
1930 පෙබරවාරි 02වැනිදා උපන් ගණනාථ ඔබේසේකර මහතා වයස අවුරුදු 25 වනවිට, එනම් 1955 වසරේදී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කළේය.
එයින් වසර 03කට පසු වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධියත් 1964 වසරේදී මානව විද්‍යාව සම්බන්ධ ආචාර්ය උපාධියත් හිමි කර ගත්තේය.
1968 සිට 1972 දක්වා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්යවරයෙකු මෙන්ම ප්‍රධානියා ද වූ ඔහු 1972 වසරේ සිට වසර අටක් මානව විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේයි.
1983 - 88 වකවානුවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ගණනාථ ඔබේසේකර මහතා අනතුරුව වසර 2000 දක්වා සිය දැනුම සිසු පරපුරට ලබා දුන්නේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙනි.
ඔහු, දුටුගැමුණුගේ හෘදසාක්ෂිය, ප්‍රොතෙස්තන්ත බුදු දහම සහ පත් ඇදහිල්ල, සංස්කෘතියේ කාර්යය, මනෝවිශ්ලේෂණයේ සහ මානව විද්‍යාවේ සංකේතාත්මක පරිවර්තනය” ඇතුළු කෘති රැසක් සම්පාදනය කර තිබේ.
ලෑන්ඩ් ටෙනුවර් ඉන් විලේජ් සිලෝන් (ශ්‍රී ලංකාවේ ගමක ඉඩම් භුක්තිය) ඔබේසේකර මහතාගේ වැදගත් කෘතීන් අතරින් එකකි.
මහාචාර්යවරයා, තමා පරිශීලනය කළ පොත් පත් රැසක් අඩංගුව තිබූ පුස්තකාලය ද කලකට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කිරීම විශේෂත්වයක්.