ලෝක ක්ෂය රෝග දිනය අදයි

ලෝක ක්ෂය රෝග දිනය අදයි.. එක් රෝගියෙකුට නිරෝගී පුද්ගලයින් 15 දෙනෙකුට රෝගය බෝ කළ හැකියි - සෞඛ්‍ය අංශ

by Staff writer 24-03-2025 | 6:49 AM

COLOMBO (News 1st) –ජාත්‍යන්තර ක්ෂය රෝග නිවාරණ දිනය අදයි.

'අපට ක්ෂය රෝගය තුරන් කළ හැක - කැපවෙමු - ආයෝජනය කරමු - සේවා සපයමු' යන්න, මෙවර එහි තේමාවයි.

මෙරටින් ක්ෂය රෝගීන් 9500ක් පමණ සිටින බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ මිසායා කාදර් මහත්මිය සඳහන් කළා H.

එක් ක්ෂය රෝගියෙකුට නිරෝගී පුද්ගලයින් 15 දෙනෙකුට රෝගය බෝ කළ හැකි බව, මිසායා කාදර් මහත්මිය ප්‍රකාශ කළා ය.