තානාපතිවරු 3ක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙයි

නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙයි...

by Staff writer 24-03-2025 | 3:33 PM

COLOMBO (News 1st) - නව විදෙස් තානාපතිවරු තිදෙනෙකු ජනාධිති අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර භාරදී තිබේ.

ඒ අද (24) ජනාධිපති කාර්යාලයේදීය.

ප්‍රංශය, පලස්තීනය සහ නේපාලය යන රටවල් වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරු සිය අක්තපත්‍ර භාර දී තිබේ.

ඒ අනුව,  ප්‍රංශ තානාපතිවරයා ලෙස රෙමි ලැම්බර්ට්, පලස්තීන තානාපතිවරයා ලෙස  ඉහාබ් අයි.එම්.කලීල් සහ නේපාල තානාපතිවරයා ලෙස ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි යන මහත්වරුන් ජනපති හමුවේ අක්තපත්‍ර භාරදී ඇත.