.webp)
ඔහු නිවේදනය කළේ, පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 28 වැනිදා පවත්වන බවයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අහිතකර බදු ප්‍රතිපත්ති මගින් ඇති කරන පීඩනයට එරෙහිව සටන් කිරිම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම, සිය අරමුණ බව ඔහු සඳහන් කළේ ය.
කැනේඩියානු ආර්ථිකයක් ගොඩනැගීමට ශක්තිමත් ජනවරමක් ලබා දෙන්නැයි ඔහු එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියේ ය.
හිටපු අගමැති ජස්ටින් ටෲඩෝ ඉල්ලා අස්වීමත් සමඟ පාලක පක්ෂ නායකත්වයට පත්වූ මාර්ක් කානී, පසුගිය 14 වැනිදා කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.