.webp)
කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
ඒ අනුව පන්දුවට පහර දුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 174ක්.
නායක අජින්ක්‍යා රහනේ ලකුණු 56යි.
කෘනාල් පාණ්ඩ්‍යා කඩුලු 3ක් දවා ගත්තේ ය.
ලකුණු 175 ක ඉලක්කයක් හඹා ගිය රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 16යි පන්දු 2ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී සිටියදියි.
සුපිරි පිතිකරු විරාට් කෝලි නොදැවී ලකුණු 59ක් රැස් කළේ ය.