Facebook සාදයක් වටලා 76ක් අත්අඩංගුවට...

Facebook සාදයක් වටලා 76ක් අත්අඩංගුවට...

by Staff writer 23-03-2025 | 9:26 AM

COLOMBO (News 1st) - සීදුව බෙල්ලාන වත්ත ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කර සාදයක් පැවැත්වූ පුද්ගලයින් 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් ෆේස්බුක් ඔස්සේ සංවිධානය වී සාදය පවත්වා ඇති බවයි.

ඔවුන් අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා පානය කරමින් සිට ඇතැයි ද, පොලීසිය සඳහන් කළේ ය.

සැකකරුවන් සතුව තිබී කේරල ගංජා සහ නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ සිගරට් තොගයක් ද, සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතරට තරුණියන්, 12 දෙනෙකු ඇතුළත්.