වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම් 27 ක්..

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම් 27 ක්.. 22 ක් මරුට...

by Staff writer 23-03-2025 | 2:30 PM

COLOMBO (News 1st) –වසරේ ගතවූ කාලසීමාව තුළ සිදුවූ වෙඩි තැබීම් වලින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තිබේ.

වාර්තා වී ඇති සමස්ත වෙඩි තැබීම් සංඛ්‍යාව 27 කි.

පොලීසිය සඳහන් කළේ, ඉන් 18 ක් සංවිධානාත්මක අපරාධකරුවන් කළ වෙඩි තැබීම් බවයි.

සංවිධානාත්මක අපරාධ හේතුවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 19 කි.

මෙම වසරේ සිදුවූ වෙඩි තැබීම් හේතුවෙන් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.

එහිදී සංවිධානාත්මක අපරාධකරුවන් කළ වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

ආසන්නතම සිදුවීම පෙරේදා රාත්‍රියේ වාර්තා වූයේ, දෙවිනුවර ප්‍රදේශයෙන් ය.

එහිදී වෑන් රථයකින් පැමිණි පිරිසක් කළ වෙඩි තැබීමකින්, යතුරු පැදියකින් ගමන් කළ තරුණයින් දෙදෙනෙකු මිය ගියේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් ගණන, 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.