ද.කොරියාවේ ලැව්ගිනිවලින් ලාංකිකයින්ට හානියක් නෑ

දකුණු කොරියාවේ ලැව්ගිනිවලින් ශ්‍රී ලාංකිකයින්ට කිසිදු හානියක් නෑ - තානාපති කර්යාලය

by Staff Writer . 23-03-2025 | 7:01 AM

COLOMBO (News 1st) - දකුණු කොරියාවේ ගිනිකොන දිග ප්‍රදේශවල පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට කිසිදු හානියක් සිදුව නොමැති බව, එරට තානාපති කාර්යාලය පවසයි.

තානාපති කාර්යාලය සඳහන් කළේ, එම ප්‍රදේශවල වෙසෙන ලාංකිකයින් පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන බවයි.

දකුණු කොරියාවේ සිටින ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව 35,000 ක් පමණ වේ.

එරට ගිනිකොණ දිග ප්‍රදේශවල ව්‍යාප්තවන ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගියේ ය.

ගින්න නිවා දැමීම සඳහා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මකයි.