.webp)
ඒ අනුව එම විසර්ජන පනත් කෙටුම්පත 2025 අංක 3 දරන විසර්ජන පනත ලෙස බලාත්මකයි.
2025 වසර සදහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේ වැඩි ජන්දයෙන් සම්මත විය.
විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම ඊයේ පස්වරු 7.40ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව ඡන්ද 159 ක්ද විපක්ෂ ඡන්ද 45 ක්ද හිමිවිය.
ඒ අනුව 2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මතවූයේ වැඩි ඡන්ද 114 කින් ය.
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කතාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය.
ඒ අනුව පෙබරවාරි 18 සිට 25 දක්වා, දින 7ක් පැවැත්වුණේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයයි.
පෙබරවාරි 25 වැනි දින පැවති විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 109 කින් පාර්ලිමේන්තුවේදී සම්මතවූ අතර අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි 27 සිට ඊයේ දක්වා දින දින 19 ක් පැවැත්විණ.