දෙවිනුවර ඝාතනයට සැකපිට 3ක් අත්අඩංගුවට

දෙවිනුවර ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 22-03-2025 | 6:56 PM

COLOMBO (News1st) - දෙවිනුවර, සිංහාසන පාරේදී වෙඩි තබා තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරුපැදියකින් ගමන් කළ තරුණයින් දෙදෙනෙකු ඉලක්ක කර ඊයේ(21) රාත්‍රියේ තැබීම සිදු කර තිබුණි.

එහිදී මිය ගියේ අවුරුදු 28 සහ 29 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකි.

වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන වෑන් රථය වැල්ලමඩම ප්‍රදේශයේදී සොයා ගෙන ඇත්තේ, ගිනි තබා තිබියදීයි.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී හිස් පතොරම් කොපු 39ක් සොයා ගෙන තිබෙන අතර පොලීසිය සැක පළ කරන්නේ, එය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ගැටුමක් විය හැකි බවටයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 6ක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.