ගණේමුල්ලේ සංජීව ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට..

ගණේමුල්ලේ සංජීව ඝාතනයට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට..

by Staff writer 22-03-2025 | 7:49 AM

COLOMBO (News 1st) –ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අධිකරණ සංකීර්ණයේ පිහිටි අධිකරණ ශාලාව පෙන්වමින් සැකකරු මනුෂ්‍ය ඝාතනයකට අනුබල දීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේ ය.

පොලිසිය පැවසුවේ, පසුගිය මස 19 වැනිදා අළුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කොළඹ අපරාධ කොට්ඨාශය ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කරයි..