කොක්මාදූවේ නිවසකින් පතොරම් රැසක් හමුවෙයි

කොක්මාදූවේ නිවසකින් පතොරම් රැසක් හමුවෙයි

by Staff writer 22-03-2025 | 7:16 PM

COLOMBO (News1st) - වැලිගම, කොක්මාදූව ප්‍රදේශයේ නිවසක තිබී පතුරම් තොගයක් සොයා ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, එම් 16 වර්ගයේ පතුරම් 6ක්, ටී 56 වර්ගයේ පතුරම් 60ක් සහ ටී 56 වර්ගයේ හිස් පුහුණු පතුරම් 9ක් එලෙස සොයා ගත් බවයි.

වැටලීම කර ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ පුෂ්පාරාම උපකඳවුරේ නිලධාරින් පිරිසකි.

එම නිවසේ හිමිකරු, සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමග විදේශගතව සිට අපරාධ මෙහෙයවන පුද්ගලයෙකුගේ සමීපතමයෙකු බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණවී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.