.webp)
අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා එහිදී IMFහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකාමුරා, IMF හි විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන්, IMF හි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් සහ IMF හි විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර යන මහත්වරුන් හමුවි සාකච්ඡා කළ බවයි.
ශ්‍රී ලංකාවේ දීර්ඝ කළ අරමුදල් පහසුකමේ ප්‍රගතිය පිළිබඳ එහිදී අවධානය යොමුව තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ , ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ දීර්ඝ කළ අරමුදල් පහසුකමේ සමාලෝචන සන්ධිස්ථාන සපුරාලීමට ශ්‍රී ලංකා රජය සහය ලබා දෙන බවද ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඔවුන් හමුවේ පවසා ඇති බවයි.
අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට සහාය වීම, බදු ක්‍රමයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ සමස්ත ආර්ථික ඵලදායිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් රජයේ අඛණ්ඩ ඩිජිටල්කරණ ප්‍රයත්නයන් කෙරෙහිද මෙහිදී අවධානයට ලක්ව තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය යතා තත්වයට පත්කිරීම සහ සංවර්ධනයට සහාය වීම සඳහා ලෝක බැංකුවේ තිරසර සහයෝගය ලබා දෙන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා
ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානින් අතර පැවැති සාකච්ඡාවේදී රටේ දිගුකාලීන ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා අඛණ්ඩ මූල්‍ය හා තාක්ෂණික සහාය සහතික කිරීම සඳහා ඉදිරියේදී අවශ්‍ය සහය පිළිබඳව ද සාකච්ඡා අවධානය යොමුවී තිබෙනවා.
ලෝක බැංකුවේ ගෝලීය ඩිජිටල් සමුළුව පසුගිය 17 සිට 20 දක්වා වොෂිංටන් නුවරදි පැවැත්වුණා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගිවූයේ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතායි.