.webp)
2023 දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා වරෙන්තු නිකුත් කළේ ය.
මෙම සිද්ධියට අදාළව මේ වන විට දේශබන්දු තෙන්නකෝන් මහතා ද රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.