.webp)
එහි කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ, වගා නොකළ කුඹුරු ඉඩම් වගා කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බවයි.
'එක මිටට ගොවි බිමට' වැඩසටහන යටතේ දිවයින පුරා කළ සමීක්ෂණයේදී වගා නොකළ කුඹුරු ඉඩම් අක්කර 68,000 කට අධික ප්‍රමාණයක් හඳුනා ගෙන තිබේ.
එම සමීක්ෂණයේදී හඳුනාගත් වගා නොකළ ගොඩ ඉඩම් ප්‍රමාණය 29000 කට අධිකයි.
වසර 40 ක් පුරන්ව පවතින කුඹුරු ඉඩම්වල ඒ අනුව ස්ථිර භෝග වගා කිරීමට සැලසුම් කර ඇති බව රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.
කුඹුරේ ස්වභාවය අනුව කෙටි කාලීන භෝග හා වාර්ෂික භෝගද කුඹුරු ඉඩම්වල වගා කිරීමට අවසර ලබා දෙන බව ඔහු පැවසුවේය.
ඊට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් නුදුරේදීම නිකුත් කිරීමට නියමිතයි.