අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ..

අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ..

by Staff writer 21-03-2025 | 6:39 AM

COLOMBO (News 1st) –අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් අයවැය තුන්වැනි වර කියවීමේ විවාදය අදින් අවසන් වෙයි.

අද පස්වරු 5.00ට ඒ සම්න්ධ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

දින 23 ක් පුරා පැවති අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී , අද දිනයේත් විවාදයට ගැනෙන්නේ මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයයි.

පසුගිය මස 25 වැනිදා අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 109 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය මස 10 වැනිදායි.