පළාත් පාලන ඡන්දය කවදා ද?

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම අද..

by Staff writer 20-03-2025 | 6:11 AM

COLOMBO (News 1st) - පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය අද (20) ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදීමේ කාලය අද දහවල් 12.00ට අවසන් වේ.

ඉන් අනතුරුව නාමයෝජනාවලට අදාළ විරෝධතා විමසා බලනු ඇති.

පක්ෂ හෝ අපේක්ෂකයින් වෙනුවෙන් පෙළපාළි සහ රැස්වීම් සංවිධානය කිරීම තහනම් බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ය.