.webp)
මෙම ගැසට් නිවේදනය මගින් එම වාහන මෙරටට ගෙන්වීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියුරේ වෙරිටාස් කාර්යාංශයට බලය ලැබෙන අතර වාහන රේගුවෙන් නිදහස් කිරීමට තිබූ අනෙකුත් බාධකද ඉවත් වේ.
2021 වසරේදී මෙරට ඇතිවූ ආර්ථික අර්බුධයත් සමග වාහන ආනයනය අත්හිටුවීමට එවක රජය පියවර ගත්තේ ය.
මාස 22 කට පමණ පසු පසුගිය පෙබරවාරි මස 01 වනදා සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට රජය තීරණය කළේ ය.
කෙසේ වෙතත් එලෙස ආනයනය කළ වාහන 400 කට ආසන්න සංඛ්‍යාවක් රේගුවෙන් නිදහස් කර ගැනීමට අවසර හිමිවූයේ නොවීය.
ඒ එම වාහන මෙරටට ආනයනය කිරීමට අවශ්‍ය අපනයන පරීක්ෂණ සහතිකයේ ඇතිවූ ගැටළුවක් හේතුවෙනි.
එම සීමා ඉවත් කරමින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ ඒ අනුවයි.