ඊශ්‍රායලය, ගාසා තීරයේ නව ගොඩබිම් මෙහෙයුම් අරඹයි

ඊශ්‍රායලය, ගාසා තීරයේ නව ගොඩබිම් මෙහෙයුම් අරඹයි

by Staff writer 20-03-2025 | 7:29 AM

COLOMBO (News 1st) - ඊශ්‍රායලය, ගාසා තීරයේ තවත් ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ඊශ්‍රායලය පලස්තීන වැසියන්ට නියෝග කර ඇත්තේ, සටන් කලාපවලින් ඉවත්ව සිටින ලෙසයි.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හා හමාස් සංවිධානය ගාසා තීරයේ පාලනයෙන් ඉවත් කරන ලෙසට ද පලස්තීන වැසියන්ට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබේ.

ඒ අනුව ගාසාහි සිවිල් වැසියන් උතුරු ගාසා තීරයේ සිට දකුණු ගාසා තීරය දක්වා ගමන් කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.