ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි...

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි...

by Staff writer 19-03-2025 | 4:48 PM

COLOMBO (News 1st) - බස්නාහිර , සබරගමුව සහ දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75 ඉක්ම වූ තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලබන 21 වැනිදායින් පසුව වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවයි.

පවතින වැසි තත්ත්වය සවස් කාලයේ අපේක්ෂා කරන බවද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.