අධිකරණය ප්‍රතික්ෂේප කළ හිටපු ජනපති මහින්දගේ පෙත්සම

ආරක්ෂාව සම්බන්ධ හිටපු ජනපති මහින්දගේ පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි...

by Staff writer 19-03-2025 | 3:53 PM

COLOMBO (News 1st) - ආරක්ෂාව අඩු කිරීමට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) ප්‍රතික්ෂේප කළේ ය.

පෙත්සම අද (19) කැඳවූයේ ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

මහින්ද රාජපක්ෂ මහතා එම පෙත්සම ගොනු කළේ, නිසි තක්සේරුවකින් තොරව සිය ආරක්ෂාව අඩු කිරීම හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්‍ලංඝණය වූ බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.