සෞඛ්‍ය වෘත්තීය සමිති සාමාජිකයින්, ජනපති හමුවෙයි..

අයවැය යෝජනා විද්‍යාත්මකව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක කරනවා ජනපතිගෙන් ප්‍රකාශයක්...

by Staff writer 19-03-2025 | 10:40 PM

COLOMBO (News 1st) - අයවැය යෝජනා දත්ත මත පදනම්ව විද්‍යාත්මකව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකදීයි.

පෙර රජයන් ණය ලබා ගැනීමේදී සහ එම ණය ආපසු ගෙවීමේදී ආර්ථිකයට සිදුවන ගැඹුරු බලපෑම අවධානයට ලක් නොකර ණය ලබා ගෙන ඇති බවත්, තම රජය එවැනි අවිධිමත් ණය ලබා ගැනීම් හෝ අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් සිදු නොකරන බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.

මේ අතර, වෘත්තීය සමිතිවල ඉල්ලිමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩි කිරිම සිදුකර තිබියදී සෞඛ්‍ය වෘත්තිකයින්ගේ වැඩ වර්ජනය අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු එම අදහස් පළ කළේ, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමග අද ජනාධිපති කාර්යාලයේදී පැවැති හමුවකදීයි.