SLIM Kantar People’s Awards 2025

SLIM Kantar People’s Awards 2025 ජනතාවගේ දෙමළ රූපවාහිනී නාලිකාව ලෙස ශක්ති TV සම්මානයට පාත්‍ර වෙයි...

by Staff writer 18-03-2025 | 10:29 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සංවිධානය කරන ලද ස්ලිම් කැන්ටා පීපල්ස් එවෝඩ් 2025 සම්මාන ප්‍රධානෝත්සවය අද (18) අති උත්කර්ෂවත් අයුරින් කොළඹදී පැවැත් විය.

ස්ලිම් කැන්ටා පීපල්ස් එවෝඩ් 2025 සම්මාන ප්‍රධානෝත්සවය මෙවර පැවැත් වුණේ, ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි.

2025 ස්ලිම් කැන්ටා ජනතාවගේ දෙමළ  රූපවාහිනී නාලිකාවට හිමි සම්මානයෙන් ශක්ති TV පිදුම් ලැබුවේ ය.

වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිලි සම්මානය හිමි වුයේ නෙත්මි රොෂෙල් හා නයනතාරා වික්‍රමආරච්චිටයි.

සජිත ඇන්තනී ස්ලිම් කැන්ටා වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නලුවා ලෙස හිමි සම්මානයට පාත්‍ර විය.