ජනපති සහ බස්නාහිර පොලිස් ප්‍රධානීන් අතර හමුවක්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමටත්, නව නීති සම්පාදනය⁣ටත් පියවර ගන්නා බව ජනපති කියයි.

by Staff writer 18-03-2025 | 4:44 PM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යාසනය පිටුදැකිමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම නව නීතී සම්පාදනයට පියවර ගන්නා බව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, බස්නාහිර පළාත් ප්‍රධානින් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (18) පැවැති සාකච්ඡාවකදීයි.

ශ්‍රී ලංකාව තුළ නීතියේ විධානයේ ආදිපත්‍ය තහවුරු නොකර යහපත් සමාජයක් බිහි කළ නොහැකි බව ජනාධිපතිවරයා එහිදි ප්‍රකාශ කර ඇත.

එම සාකච්ඡාවට විෂයභාර අමාත්‍යවරයා ඇතුළු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියේ ය.