දේශබන්දුගේ දේපොළ හඳුනාගැනීම, ලැයිස්තුගත කිරීම ඇරඹේ

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සතු දේපොළ හඳුනාගැනීම සහ ලැයිස්තුගත කිරීම ඇරඹේ. - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

by Staff writer 18-03-2025 | 5:51 PM

COLOMBO (News 1st) - පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සතු දේපොළ හඳුනා ගැනීම සහ ලැස්තුගත කිරීම ආරම්භ කර තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

පොලිසිය පැවසුවේ, ඒ සඳහා කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක බවයි.

මේ අතර, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත් අඩංගුවට ගැනීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඒ, වැඩබලන පොලිස්පතිවරයාගේ සෘජු අධික්ෂණයෙනි.

පොලිසිය පැවසුවේ එම මෙහෙයුමට බුද්ධි අංශ සහයෝගය ද ලබාගෙන ඇති බවයි.

දේශබන්දු තෙන්නකෝන් මහතාට සැඟව සිටීමට ආධාර අනුබලන දෙන පුද්ගලයින්ද මෙහෙයුමේදී අත් අඩංගුවට ගැනීමට නියමිතයි.