ග්‍රෑම් 400ය ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල ඉහළට

ග්‍රෑම් 400ය ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල ඉහළට...

by Staff writer 18-03-2025 | 3:18 PM

COLOMBO (News 1st) - ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය තීරණය කර තිබේ.

ඒ, පසුගිය වසරක කාලය තුළ ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල 20%කින් පමණ වැඩිවීම සැලකිල්ලට ගනිමිනි.

ඊට සාපේක්ෂව 4.7%කින්  ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.